පුංචි ළමයි මල් වගේ
පුංචි පුංචි ළමා පැටවු
රකිමු රකිමු රකිමු මල් වගේ
පුංචි ළමා පැටව්
මානසිකව රිදවනු එපා
හෙට ලොව ජය ගන්න නිසා
දිරිය දෙන්න වැඩිහිටියනි
පණ මෙන් සුරකිය යුත්තේ
පුංචි ළමයි නේද අනේ
ඒත් ඇයිද වැඩිහිටියනි
මේ ලෙස අනෙ වද දෙන්නේ?
වැඩිහිටි අය කුමටද මේ
පුංචි පුංචි ළමයින්ගේ
ළමා දිවිය නැති කරලා
සතුටු වන්නේ ඒ විදියට
තමන්ගේම පණ වාගේ
රැක ගනිමුකො ළමා පැටවු
කුඩා කාලෙ දිය යුතු ඒ
නිදහස අත් පත් කරමු
පාසල වෙත ඇරලවලා
ළමයින් හට උගන්වලා
උගත් හොඳ පුරවැසියකු
කරවමු සැම එකතු වෙලා
ජී.ජී හිමාෂා සෙව්මිණී
6 ශ්‍රේණිය

No comments:
Post a Comment