“ සොඳුරු ළමා ලොවක් සුරක්ෂිත හෙටක්“ මේ වාක්‍යයේ තේරුම වන්නේ පුංචි ළමයින්ව රැකගෙන ආරක්ෂිත හෙටක් සඳහා සූදානම් වෙමු යන්නයි. නමුත් සමහර වැඩිහිටියන් කරන්නේ කුමක් ද? ඔවුන්ට වද හිංසා පමුණුවා ඔවුන්ව මානසිකව ඇද දැමීමයි. උදාහරණයක් ලෙස ගතහොත් ඔවුන් ලවා නිවසේ සියළු වැඩ කරවා ගනී.ඔවුන්ගෙන් අයුතු ලෙස වැඩ ගනී. එපමණක් නොවේ ඔවුන්ව අපයෝජනයට ලක් කරනවා. මෙයින්ට ඔවුන්ට ප්‍රතිඵලයකුත් නැත.ළමයින්ට ද සිදුවන ප්‍රතිඵලයක් නැත.
වැඩිහිටියනි , ඔබලා කළ යුත්තේ මල් වගේ සිටින පුංචි පැටවුන්ට හිංසා කිරිම නොවේ ඔවුන්ව පාසල් යවා හොඳින් උගන්වා සමාජයේ හොඳ පුරවැසියෙකු කිරීමයි. වැඩිහිටියනි ඔබලා මෙය හොඳින් සිතට ගන්න. මල් වගේ සිටින පුංචි පැටව් මල් වගේ රකින්න සැමදා සිතට ගන්න.
මල් වගේ පුංචි පැටවුන්ගෙන් අනිසි ලෙස වැඩ නොගන්න. ඔවුන්ට හොඳින් උගන්වා හොඳ උගතෙකු කරන්න. ඉන්පසු ඔබට වැටහෙයි ළමයින්ගේ වැදගත්කම. ළමයින් හරිම අහිංසකයි.
ජී.ජී. හිමාෂා සෙව්මිණී ආරියසිංහ
6 ශ්‍රේණිය

No comments:
Post a Comment